2026දී ශ්රී ලංකාවේ Website එකක් හදන්න කොච්චර වියදම් වෙනවද?
Business එකකට Website එකක් හදන්න හිතන කෙනෙක් මුලින්ම අහන ප්රශ්නයක් තමයි,
“Website එකක් හදන්න කොච්චර වියදම් වෙනවද?”
මේකට එක ගානක් කියන්න අමාරුයි.
Sri Lanka වල Rs. 20,000ටත් Website හදන අය ඉන්නවා. Rs. 50,000 – 100,000 අතර Website හදන companies සහ freelancers ඉන්නවා. තවත් business website එකකට Rs. 200,000, Rs. 300,000 හෝ ඊටත් වැඩි quote එකක් එන්නත් පුළුවන්.
ඒ කියන්නේ වැඩි ගාන කියන කෙනා හොරකම් කරනවා කියන එකත් නෙමෙයි. අඩු ගාන කියන කෙනා හොඳ deal එකක් දෙනවා කියන එකත් නෙමෙයි.
Website එකේ design එක, pages ගණන, functions, eCommerce පහසුකම්, content, SEO, speed optimization, security සහ support වගේ දේවල් අනුව මිල සෑහෙන්න වෙනස් වෙනවා.
2026දී Sri Lanka වල පවතින website packages බලද්දීත් මේ වෙනස පැහැදිලියි. සමහර providersලා one-page websites Rs. 18,500 වගේ මුදලකින් පටන් ගන්න අතර, සාමාන්ය corporate/business websites Rs. 40,000 – 150,000+ range එකේ සහ custom projects ඊටත් ඉහළ range එකේ තියෙනවා.
එහෙනම් ඔබේ business එකට ඇත්තටම කීයක් budget කරන්න ඕනද?
අපි ඒක සරලව බලමු.
Website එකේ වර්ගය අනුව සාමාන්ය වියදම
2026 Sri Lankan market එකේ roughly මේ වගේ range එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
| Website වර්ගය | සාමාන්ය වියදම |
|---|---|
| Simple One-Page Website | Rs. 25,000 – 60,000 |
| Small Business Website | Rs. 50,000 – 150,000 |
| Professional / Custom Business Website | Rs. 120,000 – 350,000+ |
| eCommerce / Online Store | Rs. 100,000 – 400,000+ |
| Booking / Membership / Custom Features සහිත Website | Rs. 200,000 – 750,000+ |
| Custom Web Application | Rs. 300,000 – Rs. 1,000,000+ |
මේවා fixed prices නෙමෙයි. Approximate market ranges විතරයි.
උදාහරණයක් විදිහට products 20ක් තියෙන small WooCommerce store එකක් සහ products 5,000ක්, stock management, multiple user roles, ERP integration සහ custom delivery rules තියෙන online store එකක් දෙකම “eCommerce website” කියලා හැඳින්වුණත් ඒ දෙක හදන්න යන වැඩ ප්රමාණය සම්පූර්ණයෙන්ම වෙනස්.
Rs. 25,000 – 60,000 අතර Website එකකින් මොනවා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
මේ range එක සාමාන්යයෙන් simple websites වලට හොඳයි.
උදාහරණයක් ලෙස:
- Freelancer portfolio එකක්
- Personal website එකක්
- Small business landing page එකක්
- Restaurant / salon / service business basic website එකක්
- Contact details සහ services පෙන්වන website එකක්
සාමාන්යයෙන් pages 1 – 5ක්, ready-made template එකක්, contact form එකක් සහ mobile responsive design එකක් වගේ basic features මේ range එකේ ලැබෙන්න පුළුවන්.
හැබැයි මෙතන වැදගත් දෙයක් තියෙනවා.
“WordPress Website – Rs. 30,000” කියන එකෙන් website එකේ quality එක තීරණය කරන්න බැහැ.
එකම WordPress platform එක භාවිතා කරලා ඉතා හොඳ professional website එකකුත් හදන්න පුළුවන්. පැය කිහිපයකින් template එකක් import කරලා logo එක සහ text ටික වෙනස් කරපු website එකකුත් හදන්න පුළුවන්.
WordPress software එක open-source නිසා software එක භාවිතා කිරීමට වෙනම WordPress licence fee එකක් අවශ්ය නැහැ.
ඔබ මුදල් ගෙවන්නේ software එකට වඩා design, development, configuration, testing, experience සහ support වලට.
Rs. 50,000 – 150,000 Business Website එකකින් මොනවා ලැබිය යුතුද?
Sri Lanka වල බොහෝ small සහ medium businesses සඳහා මේ range එක practical starting point එකක්.
සාමාන්යයෙන් මෙවැනි website එකක:
- Home page
- About page
- Services pages
- Contact page
- Blog / News section
- Contact forms
- Google Maps
- WhatsApp / Call buttons
- Mobile responsive design
- Basic SEO setup
- Google Analytics setup
- Search Console setup
- Security configuration
- Backups
- Basic speed optimization
වගේ දේවල් ඇතුළත් වෙන්න පුළුවන්.
හැබැයි quotation එක ගන්න වෙලාවේ “SEO included”, “Speed optimized”, “Security included” වගේ වචන විතරක් බලාගෙන තීරණය කරන්න එපා.
උදාහරණයක් විදිහට “SEO included” කියන්නේ title සහ meta description එකක් දාන එක විතරද?
නැත්නම් keyword research, technical SEO, sitemap, redirects, structured data, Search Console සහ content optimizationත් කරනවද?
දෙක අතර විශාල වෙනසක් තියෙනවා.
Professional Website එකක් Rs. 150,000ට වඩා වැඩි වෙන්නේ ඇයි?
Business එකේ website එක online brochure එකක් විතරක් නෙමෙයි නම් වැඩේ ටිකක් වෙනස්.
Professional project එකකදී developer හෝ agency එකට,
- Business requirements තේරුම්ගැනීම
- Site structure හදන එක
- UI/UX planning
- Custom design
- Mobile layouts
- Development
- Forms සහ integrations
- Browser testing
- Performance optimization
- Security
- SEO fundamentals
- Analytics
- Deployment
- Client training
වගේ වැඩ ගණනාවක් කරන්න වෙනවා.
Custom animations, calculators, API integrations, advanced search, multilingual content, booking systems වගේ දේවල් add කළාම development time එක තවත් වැඩි වෙනවා.
ඒ නිසා pages 10ක් තියෙන websites දෙකක් වුණත් දෙකේ price එක සමාන වෙන්න ඕන කියලා නීතියක් නැහැ.
eCommerce Website එකක් හදන්න කොච්චර යනවද?
Simple WooCommerce website එකක් Sri Lanka වල Rs. 100,000 – 200,000 range එකේ හදන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා.
හැබැයි serious online store එකක් නම් Rs. 200,000 – 400,000 හෝ ඊට වැඩි budget එකක් යන්න පුළුවන්.
eCommerce website එකකට සාමාන්ය business website එකකට වඩා වැඩ වැඩියි.
උදාහරණයක් ලෙස:
- Product pages
- Categories
- Shopping cart
- Checkout
- Customer accounts
- Stock management
- Coupons
- Delivery methods
- Email notifications
- Payment gateway
- Order management
- Security
වගේ systems අවශ්ය වෙනවා.
WooCommerce WordPress සඳහා තිබෙන open-source eCommerce platform එකක්. WooCommerce core software එක free වුණත් extensions, premium plugins, development සහ payment processing වලට වෙනම වියදම් ඇතිවෙන්න පුළුවන්.
Payment Gateway එකත් free ද?
Payment gateway integration එක සහ payment gateway provider එකේ charges දෙක වෙනම දේවල්.
උදාහරණයක් ලෙස PayHere වෙත මේ වෙලාවේ setup fee එකක් නැති LITE plan එකක් තියෙනවා. එහි processing fee එක 3.30% ලෙස දක්වා තිබෙනවා. වෙනත් plans සහ providers වල fees වෙනස් වෙන්න පුළුවන්.
Developer කෙනෙක් payment gateway එක website එකට integrate කිරීම සඳහා වෙනම development charge එකක් ගන්නත් පුළුවන්.
ඒ නිසා eCommerce quotation එකක් ගන්නකොට,
“Payment gateway included”
කියන එකෙන් අදහස් කරන්නේ integration එකද, gateway registration එකද, transaction chargesද කියලා පැහැදිලි කරගන්න.
Domain Name එකට කොච්චර යනවද?
Website එකට domain name එකක් අවශ්යයි.
උදාහරණ:
yourbusiness.lk
yourbusiness.com
Sri Lanka LK Domain Registry එකේ Standard Full Domain Package එක 2026දී Rs. 8,000 per year, VAT inclusive ලෙස දක්වා තිබෙනවා. එම package එකට .lk domain එක සමඟ available second-level domains කිහිපයක්ද ඇතුළත් වෙනවා.
.com domain එකක ගාන registrar එක අනුව වෙනස් වෙනවා.
මෙතන බලන්න ඕන වැදගත්ම දෙයක්:
Domain එක ඔබේ නමින් register කරලා තියෙනවද?
Website developerගේ හෝ agency එකේ account එකේ domain එක තියලා අවුරුදු කිහිපයකට පස්සේ access එක ගන්න බැරි problems ඇතිවෙන අවස්ථා තියෙනවා.
Business owner කෙනෙක් නම් domain ownership සහ login access ඔබට තිබීම ඉතා වැදගත්.
Hosting එකට කොච්චර යනවද?
Website එකේ files සහ database එක internet එකෙන් access කරන්න server එකක host කරන්න ඕන.
Small business WordPress website එකකට සාමාන්යයෙන් shared hosting හෝ managed WordPress hosting ප්රමාණවත්.
Sri Lankan providers අතර ඉතා අඩු annual packages තිබුණත්, business website එකකට price එක විතරක් බලා hosting ගන්න එක හොඳ අදහසක් නෙමෙයි. Local providers අතර Rs. 1,600/year වගේ entry-level packages පවා advertise කරන providers සිටිනවා.
Business website එකක් සඳහා මම නම් roughly Rs. 8,000 – 30,000+ per year hosting budget එකක් තියාගන්නවා.
Traffic වැඩි, WooCommerce site එකක් හෝ resource-heavy website එකක් නම් ඊට වැඩි වෙන්න පුළුවන්.
Hosting තෝරනකොට බලන්න:
- Server performance
- Storage
- Backups
- Support
- SSL
- Security
- Uptime
- Renewal price
Cheap hosting එකෙන් Rs. 5,000ක් save කරගෙන website එක දවසට කිහිප වතාවක් slow වෙනවා නම් ඒ saving එකේ වැඩක් නැහැ.
SSL Certificate එකට වෙනම විශාල මුදලක් ගෙවන්න ඕනද?
බොහෝ websites සඳහා නැහැ.
Let’s Encrypt වගේ Certificate Authority එකකින් trusted SSL certificate එකක් free ලබාගන්න පුළුවන්. බොහෝ quality hosting providers මේක automatically setup කරනවා.
එනිසා basic business website එකකට “SSL Certificate – Rs. 20,000 per year” වගේ charge එකක් දාලා තියෙනවා නම් ඒක ඇයි කියලා අහන්න.
Specific enterprise requirements නැත්නම් සාමාන්ය website එකකට free SSL එක ප්රමාණවත් වෙන අවස්ථා වැඩියි.
Premium Theme සහ Plugins සඳහාත් මුදල් යනවද?
යන්න පුළුවන්.
Website එකේ requirements අනුව premium:
- Themes
- Page builders
- Form plugins
- SEO plugins
- Booking plugins
- Membership plugins
- Security tools
- Backup systems
- WooCommerce extensions
භාවිතා කරන්න පුළුවන්.
සමහර licenses annual subscriptions.
Quotation එකේ මේවා තිබුණොත්,
“Licence එක පළමු අවුරුද්දට විතරද? Renewal එක කවුද ගෙවන්නේ?”
කියලා අහන්න.
Agency එකේ unlimited developer licence එකක් භාවිතා කරනවා නම් agency එකෙන් support එක නැවැත්තුවොත් plugin updates ලැබෙනවද කියලාත් දැනගන්න.
Website Maintenance එකත් Budget කරන්න
Website එක launch කරපු දවසෙන් වැඩේ ඉවර වෙන්නේ නැහැ.
WordPress සහ plugins update වෙනවා. PHP versions වෙනස් වෙනවා. Security issues එන්න පුළුවන්. Backups check කරන්න ඕන. Forms වැඩ කරනවද බලන්න ඕන.
Small website එකකට monthly maintenance අවශ්ය නොවෙන්නත් පුළුවන්. Developer කෙනෙක්ගෙන් අවශ්ය වෙලාවට support ගන්න පුළුවන්.
Business-critical website එකක් නම් annual maintenance budget එකක් තියාගන්න එක හොඳයි.
Requirements අනුව roughly Rs. 30,000 – 120,000+ per year maintenance සඳහා යන්න පුළුවන්.
High-traffic eCommerce හෝ custom systems වලට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.
Website Price එක වැඩි කරන දේවල් මොනවාද?
Website quotation එක ඉක්මනින් වැඩි කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා.
Custom Design
Ready-made template එකක් භාවිතා කරන එක custom UI design එකක් හදනවාට වඩා ඉක්මන් සහ අඩු වියදම්.
Pages ගණන
Pages 5ක් සහ pages 50ක් තියෙන websites දෙකක content entry සහ testing effort එක සමාන නැහැ.
Sinhala / Tamil / English Languages
Languages තුනක් තිබුණොත් content, layout සහ testing තුන් ගුණයක්ම වෙනවා කියලා හිතන්න බැරි වුණත් වැඩ ප්රමාණය සැලකිය යුතු ලෙස වැඩි වෙනවා.
eCommerce
Products, checkout, payments සහ orders නිසා complexity එක වැඩි.
Booking Systems
Hotel booking, doctor appointments, class bookings වගේ systems custom rules තියෙනවා නම් වියදම වැඩි.
Integrations
CRM, ERP, accounting software, payment providers, SMS APIs හෝ වෙනත් systems connect කරනවා නම් development අවශ්ය වෙනවා.
Content Writing
Website developerට text, photos සහ product data ලබාදෙන්නේ නැත්නම් content creation වෙනම project එකක් වගේ වෙනවා.
Rs. 20,000 Website එකක් ගන්න එක වැරදිද?
අනිවාර්යයෙන්ම නැහැ.
ඔබට අලුත් business idea එකක් test කරන්න landing page එකක් විතරක් අවශ්ය නම් Rs. 20,000 – 40,000 website එකක් perfectly reasonable වෙන්න පුළුවන්.
Problem එක එන්නේ Rs. 30,000 budget එකකින් Rs. 300,000 project එකක result එක expect කරනකොට.
ඒ වගේම business එකේ primary sales channel එක website එක නම් price එකම ප්රධාන decision එක කරගන්න එකත් risky.
Office එකකට Rs. 200,000 chair එකක් අවශ්ය නොවෙන්න පුළුවන්.
හැබැයි customerලා හැමදාම භාවිතා කරන eCommerce website එක Rs. 20,000ට හදන්න පුළුවන් කියලා cheapest developer තෝරන එක long-term එකේ වැඩි වියදමක් වෙන්න පුළුවන්.
Website එකක් ගන්න කලින් අහන්න ඕන ප්රශ්න 10ක්
Quotation එක accept කරන්න කලින් මේ ප්රශ්න අහන්න.
- Domain එක register කරන්නේ කාගේ නමින්ද?
- Hosting login එක මට ලැබෙනවද?
- WordPress admin access එක මට ලැබෙනවද?
- Premium plugins/themes licenses කාගේද?
- Mobile responsive ද?
- Backup system එකක් තියෙනවද?
- Website security සඳහා මොනවාද කරන්නේ?
- SEO setup එකට ඇතුළත් දේවල් මොනවාද?
- Launch එකෙන් පස්සේ support කොච්චර කාලයක් තියෙනවද?
- Future developer කෙනෙකුට website එක transfer කරන්න පුළුවන්ද?
මේ ප්රශ්න වලට clear answer නැත්නම් quotation එක අඩු වුණා කියලාම තෝරන්න එපා.
Website Speed එකත් Check කරන්න
Beautiful website එකක් හදලා load වෙන්න seconds 8ක් යනවා නම් ඒක good website එකක් නෙමෙයි.
Website එක launch කළාට පස්සේ Googleගේ PageSpeed Insights tool එකෙන් mobile සහ desktop performance check කරන්න පුළුවන්.
100/100 score එකක් හැම website එකකටම අවශ්ය නෑ.
හැබැයි obviously slow website එකක් තිබුණොත් ඒක visitors සහ conversions දෙකටම problem එකක්.
එහෙනම් 2026දී Business Website එකකට කීයක් Budget කරන්නද?
Very simple website එකක් නම්:
Rs. 25,000 – 60,000
Small business එකකට හොඳ professional website එකක් නම්:
Rs. 60,000 – 150,000
Design සහ quality ගැන වැඩි අවධානයක් තියෙන established business එකක් නම්:
Rs. 150,000 – 350,000+
eCommerce website එකක් නම්:
Rs. 100,000 – 400,000+
Custom booking, membership, marketplace හෝ වෙනත් web system එකක් නම්:
Rs. 250,000 සිට ඉහළට
කියන ranges practical starting point එකක්.
අවසානයට
Website එකක් හදනකොට අඩුම quotation එක හොයන එක වෙනුවට ඔබේ business එකට අවශ්ය දේ මොකද්ද කියලා මුලින් තීරණය කරන්න.
Simple information website එකකට unnecessarily Rs. 500,000ක් වියදම් කරන්න අවශ්ය නැහැ.
ඒ වගේම customers ගෙන් orders ගන්න, leads generate කරන්න සහ business එක represent කරන්න තියෙන main website එක Rs. 20,000 package එකකට දාලා අවුරුදු පහක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන එකත් practical නැහැ.
හොඳ website එකක value එක pages ගණනෙන් විතරක් මැනෙන්නේ නැහැ.
Design, usability, mobile experience, speed, security, maintainability සහ business එකට website එකෙන් ලැබෙන result එක තමයි වැඩියෙන් වැදගත්.
Budget එක බලද්දී initial price එකට අමතරව domain renewal, hosting, maintenance costsත් අහලා බලන්න.
ගානට වඩා වැදගත් Website එක customer කෙනෙක් ගෙනෙනවද කියන එකයි. Rs. 20,000 site එකක් online තිබුණත්, leads නැත්නම් ඒක digital visiting card එකක් විතරයි.
Exactly, price matters, but the real question is whether the site supports enquiries and sales. Before choosing a package, what specific lead-generation features and ongoing maintenance are included?